අඩු මිලට තිබෙන සහ වැඩි මිලට තිබෙන කොටස් හඳුනාගන්නේ කොහොමද?
“Undervalued” vs “overvalued” stocks හඳුනාගන්න එකෙන් අහන්නේ මෙහෙමයි: Price එක, සමාගම ඇත්තටම වටින්නේ කොච්චරද කියන එකට වඩා අඩුද වැඩිද?
100%ක් කිසිවෙක් දන්නේ නැහැ. හැබැයි මේ tools 4කින් ඔබට ආසන්න අදහසක් ගන්න පුළුවන්. Used car එකක price එක එහි සැබෑ condition එකට ගැළපෙනවද බලනවා වගේ හිතන්න.
Value check කරන්න ඉක්මන් ක්රම 4ක්
1. P/E Ratio – Price to Earnings
P/E = Share price / Earnings per share. මේකෙන් profit රුපියල් 1කට investorsලා කොච්චර ගෙවනවද කියලා කියයි.
- Industry එකට සාපේක්ෂව Low P/E: Undervalued වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස SL bank stocks බොහෝවිට P/E 4-7 අතර trade වෙයි, tech 20+ වගේ විය හැක.
- Very high P/E: Market එකට අනාගතයේ විශාල growth එකක් බලාපොරොත්තුයි, නැත්නම් stock එක overvalued.
- Catch: Low P/E කියන්නේ සමාගමට ගැටලු තියෙනවා කියන සංඥාවක් වෙන්නත් පුළුවන්. සෑම විටම similar companies සමඟ compare කරන්න.
2. P/B Ratio – Price to Book
P/B = Share price / Book value per share
Book value = සමාගම සතු assets වලින් debts අඩු කළ පසු වටිනාකම.
- P/B<1: ඔබ සමාගමගේ net assets වලට වඩා අඩු මිලක් ගෙවනවා. Banks/old companies සඳහා classic “undervalued” signal එකක්.
- P/B >3: ඔබ assets වලට වඩා 3x වැඩියෙන් ගෙවනවා. Tech/brands සඳහා සාමාන්ය විය හැක, නමුත් growth අඩු වුණොත් අවදානම්.
3. Dividend Yield
Dividend Yield = Annual Dividend / Share price
FD එක 6%ක් ගෙවන විට stable company එකක් 8% dividend ගෙවනවා නම්, stock එක undervalued වෙන්න පුළුවන්. High yield + falling price කියන්නේ market එක dividend cut වෙයි කියලා හිතනවා විය හැක.
4. Numbers වලට වඩා business එක බලන්න
Stock එකක් “cheap” වගේ පේන්න පුළුවන්, හැබැයි එහෙම cheap වෙන්න හේතුවක් තිබිය හැක. අහන්න:
- Profit එක වැඩිවෙනවද අඩුවෙනවද?
- Debt problems තියෙනවද?
- Industry එක මැරෙනවද නැත්නම් වැඩිවෙනවද?
ඒ නිසා Warren Buffett කියන්නේ “cheap price එකකට fair business එකක් මිලදී ගන්නවාට වඩා, fair price එකකට great business එකක් මිලදී ගන්න” කියලා.